Strawberry cup cake

ස්ට්‍රෝබෙරි කප් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි 210g
බේකින් පවුඩර් තේ හැඳි 1/4
බේකිං සෝඩා තේ හැඳි 1/4
ලුණු තේ හැඳි 1/2
රළු සීනි 200g
දිය කරගත්  ලුනු ඉවත් කල බටර් 115g
බිත්තර සුදු මද 2
යෝගට් 62g
කිරි 180ml
වැනිලා තේ හැඳි 2
නැවුම් ස්ට්‍රෝබෙරි විප්ඩ් ක්‍රීම්

ක්‍රමය

මුලින්ම බටර් සහ සීනි බීට්කර ගනිමින්බ් එයට බිත්තර සුදු මද එකතු කරගන්න. පසුව යෝගට් සහ  කිරි මිශ්‍රකර එම මිශ්‍රණය ඉහත මිශ්‍රණයට එකතු කරන්න.
පාන් පිටි,බේකිං සෝඩා,ලුණු,බේකිං පවුඩර් සියල්ල හොඳින් මිශ්‍ර කර හොඳින් තලා ගන්න.
බටර්,සීනි,බිත්තර මිශ්‍රනය කේක් අච්චුවට වක්කර පසුව හොඳින් පොඩි කරගන්න.ස්ට්‍රෝබෙරි දමා එයට ඉහත මිශ්‍රනය එකතු කර අවන් එකේ තබන්න.
අච්චුවල හොඳින් සකස් වූ කේක් මතු පිටට විප්ඩ් ක්‍රීම් එකතු කර එය මතු පිට නැවුම් ස්ට්‍රෝබෙරි ගෙඩි තීරු කපා හොඳින් අලංකාර කරගන්න.


නෙරංජන් කරුණාතිලක
ප්‍රධාන සූපවේදී 
සිනමන් ලේක් සයිඩ්

copied from ADA