sausage ddewal

සොසේජස් ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය

සොසේජස් පැකට් 1
කපාගත් ග්‍රීන් බෙල් පෙපර් 50g
කපාගත් ලූණු කොළ 20g
කපාගත් සැල්දරි 20g
දෙකට පලා ගත් අමු මිරිස් කරල් 4-5
තක්කාලි සෝස් මේස හැඳි 3යි
සෝයා සෝස් තේ හැඳි1
ලුණු
ගම්මිරිස්
කෑලි මිරිස්
 කුඩාවට කපාගත් ඉඟුරු
කුඩාවට කපාගත් සුදු ලුනූ
තෙල් මේස හැඳි 2-3







ක්‍රමය

සාස්පානක් ලිපතබා,එයට තෙල් එක්කර,රත් කර ගන්න.ඉන් පසු ඉඟුරු,සුදු ලූනු දමා තෙම්මරාදු කරගන්න.දැන් සොසේජස් හැර අන් සියලු ද්‍රව්‍ය දමා,හොඳින් කලවම් කරගන්න.
අවසානයේ සොසේජස් එක්කර,නැවතත් හොඳින් කලවම් කර,මද ගින්නේ විනාඩි 5ක් පමණ පිස,ලිපෙන් බා ගන්න.