keeses

කිසස්

අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර සුද් මද 2
සීනි රාත්තල් 1/2
වැනිලා බිංදු 3
කලරින් 1FOODS

සාදන ක්‍රමය

බිත්තර සුදු මදය හොඳින් පෙණ නගින තුරු ගසා පසුව සීනි ටික දමා යන්තමින් ගසා ගන්න.
වැනිලා සහ කලරිං දමා කිසස් නොසල් එක කෝන් එකකට දමා තෙල් කඩදාසියේ බට්ර් හා පයිප් කර පැයක් පමණ බේක් කරන්න.

Aluwa

අලුවා

අවශ්‍ය ද්‍රව්‍ය

හාල් පිටි ග්‍රෑම් 500
සීනි ග්‍රෑම් 500
පොල් බෑයක පොල්
කරදමුංගු ස්වල්පයක්
වැනිලා තේ හැඳි 2

සාදන ක්‍රමය

හාල්පිටි බැද එයටම පොල් කළවම් කර පසෙකින් තබා ගන්න.
පසුව භාජනයක් ලිප තබා වතුර හා සිනී දමා හොඳින් උණු කර ගන්න.
පදමට උණු වූ පසු හාල් පිටි මිශ්‍රණය එයට දමා  හොඳින් හැඳි ගාන්න.
එයටම වැනිලා,කොටාගත් කරදමුංගු,කරාබුනැටි එක්කර බටර් ගා ගත් ලෑල්ලක තුනී කර කැමති හැඩයට කෑලි කපා ගන්න.

chocolate puff

චොක්ලට් පෆ්

අවශ්‍ය ද්‍රව්‍ය

රස කල උකු කිරි ටින් 1
කැබලි කැපූ කජු ග්‍රෑම් 100
දිය කරන ලද චොකලට් කුඩු මේස හැඳි 2
බටර් ග්‍රෑම් 50
සීනි ග්‍රෑම් 500
වැනිලා තේ හැඳි 1
වතුර අවශ්‍ය පමණ

සාදන ක්‍රමය

අඩිය ඝනකම වූ සාස්පානකට රසකර උකු කිරි,වතුර,සීනි දමා මද ගින්නේ හැඳි ගාන්න.
බටර්,චොකලට් කුඩු,කජු යොදා මිශ්‍රණය පදමට පැසෙන තෙක් හැඳි ගා බටර් තැවරූ දීසියකට වත්කර නිවුණු පසු කැබලි වලට කපා ගන්න.

curd

මී කිරි

කිරි ලීටර් 10
වියළි මැටි හට්ටි

සාදන ක්‍රමය

හොඳින් පෙරාගත් කිරි විනාඩි 15 පමණ නටන තෙක් උණුකරගන්න.මදක් නිවෙන්නට ගැර කිරිවලට මුහුන් වශයෙන් මුදවාපු කිරි හට්ටියක් එකතු කරන්න.

වියළි මැටි හට්ටි වලට කිරි දමා සිසිල් වන්නට හැර පොලිතින් දවටනයකින් හට්ටියේ කට වසා රබර් පටියක් හට්ටියේ ගෙලවටා දමන්න.

parippu wade

පරිප්පු වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය

කඩල පියලි ග්‍රෑම් 250
කුඩු කල මිරිස් තේ හැඳි 1/2
සිහින් කොච්චි හෝ අමු මිරිස් කරල් කිහිපයක්
ලුණු අවශ්‍ය පමණ
පොල්තෙල්

සාදන ක්‍රමය

කඩල පියලි ගරා සෝදා ‍රැයක් පෙ‍ඟෙන්න හැර අඹරා ගන්න
කොටසක් කැබලි සිටින සේ ද ඉතිරිය පිටි වන සේ ද අඹරා ගන්න
ළූණු,මිරිස්,කරපිංචා සිහින්ව කපා ගන්න.තරමක භාජනයක් ගෙන මේ සියල්ල දමා හොඳට මිශ්‍ර කරන්න.පැයක් පමණ වසා තබන්න.
ඉන්පසු ගැඹුරු  තච්චියකට තෙල් දමා ළිප තබා එය රත්වුනු පසු මේවායින් බෝල සාදා මදක් පැතලි කොට රන්වන් පැහැ වන තුරු බැදගන්න.

pol cake or bibikkan

පොල් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි ග්‍රෑම් 250
සීනි ග්‍රෑම් 300
පොල්ගෙඩි 1
කජු ග්‍රෑම් 75
බිත්තර 5
බටර් ග්‍රෑම් 150
කරදමුංගු
බේකිං පවුඩර් තේ හැඳි 1
දෙහි ලෙලි ටිකක්.
දෙහි

හදන හැටි
පිටි බේකිං පව්ඩර් හා ලුණු මිශ්‍රකර ලියාගත් දෙහි ලෙලිද එයට එකතු කරන්න.
බටර් හා සීනි ගසාගන්න.බිත්තරද ගසා ඊට එක්කරන්න.පොල් හීනියට ගා අඹරාගන්න.කජු මද ලියා සියළුම ද්‍රව්‍ය එකට ගසා ගන්න.තැටියට තෙල් කොලයක් දමා පිටි මිශ්‍රනය තැටියට දමා පෝරණුවක පුළුස්සා ගන්න.

පොල්දෝසි pol dosi

පොල්දෝසි
අවශ්‍ය ද්‍රව්‍ය
කපාපු  පොල් කිලෝ 2
සීනි කිලෝ 2
වැනිලා වර්ණකාරක හා බටර් ස්වල්පයක්

සාදන ක්‍රමය
තාච්චියකට පොල් සහ සීනි කළවම් කොට දමා ලිප තබා සීනි වල වතුර සිඳී යන තුරු උණු කරන්න. බටර් තැවරූ බන්දේසියකට ඇළෙන පදමට උණුවූ පසු මිශ්‍රණය ලිපෙන් බාගෙන මිශ්‍රණයෙන් බාගයක් අතුරන්න.
කැමති වර්ණ කාරකයන් යොදා ඉක්මණින් කළවම් කරගත් ඉතිරි භාගය පළමු මිශ්‍රණයට උඩින් තට්‍ටුවක් සේ දමා තුනී කරගන්න.මදක් සවිවූ පසු අඟලේ හත‍රැස් කැබලි වලට කපාගෙන තිමුණු පසුව දවටන වල හෝ පොලිතින් වල ඔතා ගන්න.

ගිතෙල් ghee

ගිතෙල්
අවශ්‍ය ද්‍රව්‍ය
පිරිසිදු එළකිරි අවශ්‍ය පමණ

සාදන ක්‍රමය
හොඳින් පෙරාගත් පිරිසිදු එළකිරි පිරිසිදු ඇලුමිනියම් භාජනයකට වත්කොට සෙන්ටිග්‍රේඩ් අංශක 35ක් දක්වා රත් කරන්න.
වෙනත් ඇලුමිනියම් භාජනයකට මතුපිට පෙණ දමමින් නැගෙන යොදය වෙන්කර දම්න්න.
වෙන්කර කිරි යොදය පැය 5ක් පමන ලිප තබා රත්කර හොඳින් බුබුළු මතුවන තෙක් රත් වූ යොදය දුඹුරු පැහැ ගැන්වීම සඳහා අමු මුරුංගා කොළ කිහිපයක් එක් කර ලීපෙන් බාගන්න.
මිශ්‍රනය පෙරා මදක් සිසිල් වෙන්නට හැර බෝතල් වලට අසුරන්න.කිරියොදය ඉවත්කර ගැනීමට සෙපරේටරක් යොදන්න.

Tomato sauce

අවශ්‍ය ද්‍රව්‍ය

ඉදුණු තක්කාලි 10kg
සීනි 1kg
විනාකිරි ලීටර් 2
ළූණු 100g
මිරිස් කුඩු 55g
අමු ඉඟුරු 55g
සුදු ළූණු 55g

සාදන ක්‍රමය
හොඳින් සෝදා ගත් ඉදුණු තක්කාලි උණුවතුරේ තම්බා,තැම්බුන තක්කාලි භාජනයෙන් පිටතට ගෙන එහි සිවිය සහ ඇට ඉවත් කර ගන්න.
ඉන් පසු තක්කාලි විනාකිරි සමග මල නොබැදෙන සේ වාන්ර්ස් බඳුනකට දමා මෘදු වනතුරු පිස මිශ්‍රණය දැලකින් පෙරා ගන්න.සිහින්ව අඹරාගත් ඉඟුරු සහ සුදුළූණුද,මිරිස්කුඩු,සීනි සහ පෙරාගත් ද්‍රාවණයට එක්කොට ඝන වනතුරු ලිප තබන්න.
ජීවානුහරණය කරගත් බෝතල්වල සෝස් අසුරා සීලරයක් මගින් මූණත තැබිය යුතුය.බෝතල් ජීවානුහරණය නොකරගතහොත් සෝස් ඉතා ඉක්මනින් නරක් වීමට ඉඩ තිබේ.

kALU DODOL

කළු දොදොල්

අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි කිලෝ 4
සීනි 6kg
පොල් තෙල් බෝතල් 1
එන්සාල් කුඩු

සාදන ක්‍රමය

පාන් පිටි සකස් කර ගත යුත්තේ මස්කට් සාදන ආකාරයටයි.
තාච්චියක් ලිපතබා සීනි කරගෙන හොඳින් කර වූ පසු ජලය එක් කොට හැඳිගාමින් ඉතිරි සීනි ද ජලය සමඟ කලවම් කරගන්න.එනසාල් කුඩු හෝ වෙනත් රස කාරකයන්,ඩයි වර්ගද පිටි මිශ්‍රණය හා එක්කොට,සීනි හොඳින් කළවම් වී පදමට ආ පසු තාච්චියට දමා කූරු ගාමින් පැයක් පමණ තබා ඉන් පසුව පොල්තෙල්ද එක් කරන්න.
මිශ්‍රණය ඝබ වූ කඩදාසියකට හෝ පොලිතින් කොළ අතුරා සකස් කළ බන්දේසි ලෑල්ලකට දමා   අතුරා නිවුනු පසුව කෑලි වලට කපා ගන්න.

බුල්ටෝ bulto

බුල්ටෝ

අවශ්‍ය ද්‍රව්‍ය
සීනි 500g
ලොකු පොල් ගෙඩි 1
පොල් වතුර

සාදන ක්‍රමය

පොල්වතුරින් සිහින්ව ගා ගත් පොල් මිරිකා ගන්න.පොල් වතුර සීනි දමා භාජනයක රන් පැහැ වෙනතුරු ලිප තබා උණුකර සීනි රන්පැහැවී කැරමල් තත්වයට එනවිට පොල්කිරි එකතු කරන්න.
පදම් වන තුරු උණුකරගත් එම මිශ්‍රණය ලිපෙන් බා මේසයක් මත සකස් කර ඇති තහඩු තැටියක අතුරා නිවුණු පසු අවශ්‍ය ප්‍රමාණයට රෝල් කර කැබලි වෙන් කර තෙල් කඩදාසි වලට අතුරන්න.

බිස්කට් කුඩු buiscut powder

බිස්කට් කුඩු

අවශ්‍ය ද්‍රව්‍ය

දිනක් පරණ වූ පාන් හා බනිස්

සාදන ක්‍රමය

දිනක් පරණ වූ පාන් සහ බනිස් ගෙන එය පෝරණුවක හෝ තච්චියක දමා හොඳින් කර කරගන්න.රන්වන් පාට වන තෙක් කරවූ පසුව වංගෙඩියක දමා හොඳින් කුඩු කරගන්න.

පොරි මිශ්‍ර කජු popcorn mixed cashew toffee

පොරි මිශ්‍ර කජු

අවශ්‍ය ද්‍රව්‍ය

තිරිඟු පොරි කිලෝ 1
සීනි ග්‍රෑම් 500
හකුරු ග්‍රෑම් 250
කලරීන් ස්වල්පයක්,රට කජු ඇට 100ක් පමණ

සාදන ක්‍රමය

තාච්චියක් ලිපතබා ජලය හා සීනි මිශ්‍ර කොට පදමට එනතුරු හැඳි ගාන්න.එයට පොරි කළවම් කරන්න.හකුරු කුඩා කැබලි වලට කඩා රටකජුද සමඟ මිශ්‍රණයකට එක් කොට ඊට අවශ්‍ය වර්ණක යොදා අච්චුවකට දමා හැඩය ගන්න.ඉන්පසු පොලිතින් ආවරණයක බහාලන්න.

potato toffee

අල ටොෆි

අවශ්‍ය

අල ග්‍රෑම් 500
සීනි ග්‍රෑම් 250
කරදමුංගු තේහැදි 1/2
පොල් කිරි කොප්ප 1/2

ක්‍රමය

අල තම්බා පොතු හැර ගෑරුප්පුවකින් පොඩි කර ගන්න.
සාස්පානක් ලිපතබා ඊටසීනි තබා පැණි වේගෙන එන විට පොල්කිරි හා කරදමුංගු මිශ්‍ර කරන්න.
දැන් අලද එකතු කර හොදින් හැදි ගන්න.මිශ්‍රණය හැන්දේ ඇලෙන ගානට ආ විට ලෑල්ලක ඝනකමට අතුරා කැබලි කපාගන්න.

boiled vegitable


තැම්බූ එලවළු

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් බෝංචි 100g
ගෝවා 100g
අල 200g
කැරට් අල 4යි
බීට් රූට් ගෙඩි 2
ගම්මිරිස් ඇට 8
ලුණු
ජලය

සාදන ක්‍රමය

බෝංචි රේණු හැර ගන්න.ගෝවා වෙන්කරගන්න
අල ,බීට් රූට්  සහ කැරට් සුද්ද කර කැබලි හෝ  පෙති ගසා ගන්න.එළවළු සියල්ල ජලයක දමා යන්තම් වැසෙන වතුර දමා ඊට ලුණු හා ගම්මිරිස් මිශ්‍රකර හොඳින් තම්බා ගන්න.

ලැවරියා Lawaria

ලැවරියා

අවශ්‍ය

සූරාගත් හකුරු ග්‍රෑම් 200
පොල් බෑයක පොල්
එනසාල් කරල් 2
ලුණු
(මේ සියල්ල එක් කර පොල් පැණි සාදා ගන්න)

ඉඳි ආප්ප පිටි

ක්‍රමය

ඉඳි ආප්ප වංගෙඩියකින් තෙල් තැවරූ කෙසෙල් කොළයක් මතට ඉඳි ආප්ප වත්කර මැදට පැණි පොල් ටික බැගින් තබා කෙසෙල් කොළය උස්සා ඉඳි ආප්පය නවා අගිස් තදකර වණ්ඩුවේ තම්බා ගන්න.

කැරට් සම්බෝල carrot sambol

අවශ්‍ය ද්‍රව්‍ය

කැරට් අල 4
(පොතු හැර සිහින්ව කපා හෝ ග්‍රේටරයකින් ගා ගන්න.)
අමු මිරිස් කරල්5
රතු ලූනු ගෙඩි10
සීනි තේ හැඳි 1
දෙහි බෑ1
ලුණු කුඩු

සාදන ක්‍රමය

සියලුම ද්‍රව්‍ය එකට අනා ටික වේලාවක් වසා  තබා ආහාරයට ගන්න.

කට්ට සම්බෝල katta sambol

අවශ්‍ය ද්‍රව්‍ය

වියළි මිරිස් කරල් 6
උම්බලකඩ මේස හැඳි 1 1/2
රතුලූනු ගෙඩි 10
ලුණු
දෙහි යුෂ

සාදන ක්‍රමය

මිරිස් හා ලුනු කැට ගලේ දමා අඹරාගන්න.උම්බලකඩ කුඩු ඊළගට එක්කර අඹරා ගන්න.පසුව සුද්ද කරගත් රතු ලූනු දමා සෙමෙන් අඹරා ගන්න.ඉන්පසු ගලෙන් ඉවතට ගෙන දෙහි යුෂ එක්කරන්න.


liver soup පීකුදු සුප්

අවශ්‍ය ද්‍රව්‍ය
ඒකකය ග්‍රෑම්

කැබලි කපාගත් පීකුදු 200
කැබලි කපාගත් බොම්බයි ලූනු 100
තීරු කපාගත් කැරට් 100
ගම්මිරිස් තේ හැදි1
රම්පෙ
කරපිංචා
ලුණු
දෙහි
වතුර ලීටර් 1/2
මිටිකිරි කෝප්ප 1

සාදන ක්‍රමය
සියලුම ද්‍රව්‍යඑකට සාස්පානකට දමා පීකුදු හොදින් තැම්බෙන තුරු මද ගින්නේ පිසගන්න.
වතුර තරමක් සිදුන පසු මිටිකිරි කෝප්පය එකතු කර තවත් මිනිත්තු කිහිපයක් පිසගන්න

කෙසෙල් මිශ්‍ර hakuru kiribath

අවශ්‍ය ද්‍රව්‍ය මිනුම් ඒකකය ග්‍රෑම්

කැකුළු හාල් 500
මිටි කිරි කෝප්ප 2
හකුරු 200
ලුණු අවශ්‍ය පමණ
ඉදුණු කෙසෙල් ගෙඩි 6 ක්

ක්‍රමය

හාල් ගරා ලිප තබන්න.තැම්බීගෙන එන විට ලුණු එකතු කරන්න.ඊටම මිටි ඉරි හා හකුරු ද එකතු කරන්න.ළිපෙන් බාගෙන කුඩා කෝප්ප වලට දමා ඒවා කෙසෙල් කොළයක මුනින් නමා කිරිබත් කෝප්ප පිළියෙල කරගන්න කෝප්ප මුදුනේ පෙති ගැසූ කෙසෙල් ගෙඩි ව්ලින් සරසා ගන්න

Apple slipers

ද්‍රව්‍ය
පෆ් ප්‍රේස්ටි
ෆ්ලේකි පේස්ට්‍රි
දැනිෂ් පේස්ට්‍රි
කස්ටර්ඩ්
ජෑම්
ඇපල් පෙති

ක්‍රමය

අවශ්‍ය ආකාරයට පෆ් පේස්ට්‍රිය සාදා එය දිගටි තීරු වශයෙන් කපාගන්න
පේස්ට්‍රි තීරු මත බිත්තර සාරු හවරා උදුනක තබා බේක් කරන්න.
ඉන්පසු එහි ජෑම් සහ කස්ටඩ් තවරා කැමති ආකාරයට ඇපල් පෙති තබාගන්න.
කැමතිනම් ස්ටූ කරගත් ඇපල් පෙති මේ සමග එක්කර ගත හැකිය.

Minchi sambol sri lanka

ද්‍රව්‍ය
මිංචි කොළ දෙමිටක්,රතු ලූනු ගෙඩි 10
පොල් අඩලයක්
අමුමිරිස් කරල් 2
සුදු ලූනුු බික් 2
ගම්මිරිස්
ලුණු
දෙහි යුෂ
සීනි හැදි1/2

ක්‍රමය
ලුණු
දෙහි
සීනි හැර අනෙකුත් සියලුම ද්‍රව්‍ය ගලේ දමා අබරාගන්න.ඉන්පසු ලුණු හා දෙහි යුෂ ද සීනි තේ හැදි 1/2 ක් ද එක් කර ගන්න

මිශ්‍ර සලාදය vegetable salad

ද්‍රව්‍ය
බීට් 100g
කැරට් 100g
සුදු ලූනු බික් කිහිපයක්
විනාකිරි ස්වල්පයක්
අමු ඉගුරු කැබැල්ලක්
ලුණු ස්වල්පයක්
සීනි තේ හැදි1

ක්‍රමය
පොතුහැර සෝදාගත් කැරට් හා බීට් සිහින්ව කපාගන්න.
සුදු ලූනු හා ඉගුරු කැබැල්ලද සිහින්ව කපා එයට දමන්න.ලුණු,විනාකිරි හා සීනි ද අවශ්‍ය පරිදි එක් කරන්න.

Amond icing හදන අයුරු

ද්‍රව්‍ය

සිහින්ව ඇබරූ කජු ග්‍රෑම්100
අයිසිං සීනි 100g
බිත්තර සුදු මද 1
ආමන්ඩ් එසන්ස් තේ හැදි 1
වැනිලා තේහැදි 1
රෝස එසන්ස් තේ හැදි 1/2
බ්‍රැන්ඩි තේ හැදි 2

ක්‍රමය
අබරාගත් කජුවලට අයිසිං සීනී එකතු කර අරක්කු හා බිත්තර ටිකටික එක් කර අතේ නොඇලෙන පදමට අනාගන්න.පසුව ආමන්ඩ් එසන්ස්,රෝස එසන්ස් හා වැනිලා එක් කරන්න.

බිත්තර කස්ටඩ් පුඩිං egg pudding

ද්‍රව්‍ය
බිත්තර 2
පිටි තේ හැදි 3
කිරි ලීටර් 200
වැනිලා තේ හැදි 1/2
බටර්

ක්‍රමය
බිත්තර පිටි සීනි ගසා ගන්න.කිරි සහ වැනිලාඑකතු කරන්න.හොදින් කලවම් කරන්න.බටර් තැවරූ පයිරෙක්ස් දීසියකට දමන්න.තෙල් කඩදාසියකින් වසන්න.පුඩිම සවිවන තුරු මිනිත් 20-25 ක් පමණ හුමාලයෙන් තම්බා ගන්න.

karawala achcharu

අවශ්‍ය ද්‍රව්‍ය(මිනුම් ඒකකය ග්‍රෑම්)

හාල් මැස්සන් කරවල 500
අඹරාගත් අබ 50
සීනි 50
ලූනු 50
සුදු ලූනු 10
කපාගත් ඉඟුරු 5
වියළි කැබලි මිරිස් මේස හැඳි 1
ගම්මිරිස් මේස හැඳි 1/2
ලුණු තේහැඳි 2
සියඹලා යුෂ අඬු කෝප්ප1
තෙල් අඬු කෝප්ප 1
කුරුඳු පොතු කැබැල්ලක් අඟල් 1/4
කරපිංචා ඉත්තක්

ක්‍රමය

පලමුව හාල් මැස්සන් ඔළු කඩා අපවිත්‍ර දේ ඉවත් කර සෝදා බේරා ගැඹුරු තෙලේ බැඳගන්න.

බඳුනක් ළිප තබා එයට තෙල් මේස හැඳි 2ක් දමා රත්වේගෙන එන විට ලුනු,රම්පේ,කරපිංචා,කුරුඳු පොතු,ඉඟුරු,සුදු ලූනු දමා රන්වන් පැහැ වන තුරු බැදගන්න.

පසුව අබ,සීනි,මිරිස් කැබලි,ලුනු,ගම්මිරිස්, සියඹලා යුෂද එයටම දමා රත්වන්නට හරින්න.අවසානයේ තරමක් රත්වූ එම මිශ්‍රනයට බැදගත් හාල් මැස්සන්ද දමා මඳගින්නේ පිස ගනිමින් ඉස්ම හිංදවාගන්න.හොඳින් නිවාගත් පසුව බඳුනක දමා අසුරාගන්න.

උපදෙස්-ආචාර්ය පබිලිස් සිල්වා
සටහන-දමයන්ති රේණුකා ප්‍රණාන්දු