Strawberry cup cake

ස්ට්‍රෝබෙරි කප් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි 210g
බේකින් පවුඩර් තේ හැඳි 1/4
බේකිං සෝඩා තේ හැඳි 1/4
ලුණු තේ හැඳි 1/2
රළු සීනි 200g
දිය කරගත්  ලුනු ඉවත් කල බටර් 115g
බිත්තර සුදු මද 2
යෝගට් 62g
කිරි 180ml
වැනිලා තේ හැඳි 2
නැවුම් ස්ට්‍රෝබෙරි විප්ඩ් ක්‍රීම්

ක්‍රමය

මුලින්ම බටර් සහ සීනි බීට්කර ගනිමින්බ් එයට බිත්තර සුදු මද එකතු කරගන්න. පසුව යෝගට් සහ  කිරි මිශ්‍රකර එම මිශ්‍රණය ඉහත මිශ්‍රණයට එකතු කරන්න.
පාන් පිටි,බේකිං සෝඩා,ලුණු,බේකිං පවුඩර් සියල්ල හොඳින් මිශ්‍ර කර හොඳින් තලා ගන්න.
බටර්,සීනි,බිත්තර මිශ්‍රනය කේක් අච්චුවට වක්කර පසුව හොඳින් පොඩි කරගන්න.ස්ට්‍රෝබෙරි දමා එයට ඉහත මිශ්‍රනය එකතු කර අවන් එකේ තබන්න.
අච්චුවල හොඳින් සකස් වූ කේක් මතු පිටට විප්ඩ් ක්‍රීම් එකතු කර එය මතු පිට නැවුම් ස්ට්‍රෝබෙරි ගෙඩි තීරු කපා හොඳින් අලංකාර කරගන්න.


නෙරංජන් කරුණාතිලක
ප්‍රධාන සූපවේදී 
සිනමන් ලේක් සයිඩ්

copied from ADA


sausage ddewal

සොසේජස් ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය

සොසේජස් පැකට් 1
කපාගත් ග්‍රීන් බෙල් පෙපර් 50g
කපාගත් ලූණු කොළ 20g
කපාගත් සැල්දරි 20g
දෙකට පලා ගත් අමු මිරිස් කරල් 4-5
තක්කාලි සෝස් මේස හැඳි 3යි
සෝයා සෝස් තේ හැඳි1
ලුණු
ගම්මිරිස්
කෑලි මිරිස්
 කුඩාවට කපාගත් ඉඟුරු
කුඩාවට කපාගත් සුදු ලුනූ
තෙල් මේස හැඳි 2-3







ක්‍රමය

සාස්පානක් ලිපතබා,එයට තෙල් එක්කර,රත් කර ගන්න.ඉන් පසු ඉඟුරු,සුදු ලූනු දමා තෙම්මරාදු කරගන්න.දැන් සොසේජස් හැර අන් සියලු ද්‍රව්‍ය දමා,හොඳින් කලවම් කරගන්න.
අවසානයේ සොසේජස් එක්කර,නැවතත් හොඳින් කලවම් කර,මද ගින්නේ විනාඩි 5ක් පමණ පිස,ලිපෙන් බා ගන්න.

‍තෝසෙ සම්බෝල those sambol

sambol
Those Sambol
‍තෝසෙ සම්බෝල

අවශ්‍ය ද්‍රව්‍ය

පොල් බෑ1
රතුලූනු ගෙඩි 10.
වියළි මිරිස් කරල් 15
සුදු ලූනු 1
ගම්මිරිස් ඇට 15
විනාකිරි
උම්බලකඩ කුඩු

ක්‍රමය

වියලි මිරිස්,රතු ලූනු,සිදු ලූනු,ගම්මිරිස් ඇට,උම්බලකඩ ගලේ දමා සිහින්ව අඹරාගන්න.
පොල් දමා නැවත අඹරා ගන්න.
වතුර ටිකක් සමඟ අඹරා ගත් ද්‍රව්‍ය බඳුනකට දමා දියාරුවට සාදා ගන්න.
විනා කිරි ටිකක්ද එක් කරන්න.

අග්ගල aggala

අග්ගල

අවශ්‍ය ද්‍රව්‍ය

නාඩු 250g
පැණි
ගම්මිරිස් කුඩු
ලුණු

ක්‍රමය

හාල් බැඳ කුඩු කර පෙනේරයකින් හලා ගන්න.
පැණි බඳුනක ලා ලිපතබාගන්න.
ලුණු ටිකක් ද මිශ්‍ර කරන්න.
උකුවන තෙක් ළිප තබා හැඳි ගාන්න.
හාල් පිටි වලට ගම්මිරිස් මිශ්‍ර කර පැනි වලට දමා කලවම් කර නිවෙන්නට පෙර ගුලිකරන්න.
ඉන්පසු සාදාගත් ගුලි හාල් පිටි වල දවටා ගන්න.

කිරි ටොපි-milk toffee

කිරි ටොපි

අවශ්‍ය ද්‍රව්‍ය

ටින් කිරි ටින්1
සීනි 250g
කජු 100g
කරඳ මුංගු කුඩු තේ හැඳි 1/2

ක්‍රමය

ටින් කිරි හා සීනි සාස් පානක දමා ළිප තබා නටවා ගන්න.කජු ළිප තබා නටවා ගන්න.කජු හා කරඳමුංගු කුඩුද එකතු කර හැන්දේ ඇලෙන පදමට ගන්න.බටර් තැවරූ ලෑල්ලක මිශ්‍රනය අතුරා කෑලි කපා ගන්න.

ඔරේන්ජ් ජූස්-orange juice

ඔරේන්ජ් ජූස්

අවශ්‍ය
දොඩම් යුෂ කෝප්ප1
අන්නාසි යුෂ කෝප්ප 1/4
දෙහි යුෂ කෝප්ප 1/4
සීනි කෝප්ප 1
වතුර කෝප්ප 2
වියලි මිදි ස්වල්පයක්
ලුණු

ක්‍රමය

ඉහත සියළු දේ බඳුනකට දමා හොඳින් කලවම් කරගන්න.දිග වීදුරු වලට දමා උඩින් සෝදාගත් වියළි මිදි කිහිපයක් දමා ගන්න.

තල ගුලි-thala guli

තල ගුලි

තල ග්‍රෑම් 250
හකුරු ග්‍රෑම් 500
ලුණු

ක්‍රමය

තල,වංගෙඩියේ දමා හොඳින් කොටන්න.පසුව හකුරු සමඟ ද හොඳින් කොටන්න.ලුණු දමා කලවම් කර ගුලි සාදා ගන්න.

හැලප-halapa

හැලප

අවශ්‍ය ද්‍රව්‍ය

කබලක යන්තම් බැදගත් හාල් පිටි 500g
හකුරු 250g හෝ පැණි බෝතල් 1/4
පොල් බෑයක පොල්
ලුණු

ක්‍රමය

සියලුම ද්‍රව්‍ය සාස් පානකට දමා හොඳින් අනන්න.දැන් මිශ්‍රණයෙන් ස්වල්පයක් කැන්ද කොළයකට තබා කොළය දෙකට නවා තදකර වන්ඩුවේ තම්බාගන්න

පැනි දැමූ දෙල්-fried bread fruit

පැනි දැමූ දෙල්
අවශ්‍ය ද්‍රව්‍ය
දෙල් ගෙඩි 1
තෙල්
සීනි

සාදන ක්‍රමය
තුනීයට කපාගත් දෙල් පෙති කහ හා ලුණු වතුරේ දමා මඳ වේලාවක් තම්බන්න.තෙල් බඳුනක් ළිපතබා රත්වූපසු එයට දෙල් කැබලි දමා රන්වන් පැහැ වනතෙක් බැද ගන්න.මෙසේ බැදගත් දෙල් පපඩම් ලෙස ගත හැක.නැතිනම් සීනි දවටා ගත හැක.