keeses

කිසස්

අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර සුද් මද 2
සීනි රාත්තල් 1/2
වැනිලා බිංදු 3
කලරින් 1FOODS

සාදන ක්‍රමය

බිත්තර සුදු මදය හොඳින් පෙණ නගින තුරු ගසා පසුව සීනි ටික දමා යන්තමින් ගසා ගන්න.
වැනිලා සහ කලරිං දමා කිසස් නොසල් එක කෝන් එකකට දමා තෙල් කඩදාසියේ බට්ර් හා පයිප් කර පැයක් පමණ බේක් කරන්න.

Aluwa

අලුවා

අවශ්‍ය ද්‍රව්‍ය

හාල් පිටි ග්‍රෑම් 500
සීනි ග්‍රෑම් 500
පොල් බෑයක පොල්
කරදමුංගු ස්වල්පයක්
වැනිලා තේ හැඳි 2

සාදන ක්‍රමය

හාල්පිටි බැද එයටම පොල් කළවම් කර පසෙකින් තබා ගන්න.
පසුව භාජනයක් ලිප තබා වතුර හා සිනී දමා හොඳින් උණු කර ගන්න.
පදමට උණු වූ පසු හාල් පිටි මිශ්‍රණය එයට දමා  හොඳින් හැඳි ගාන්න.
එයටම වැනිලා,කොටාගත් කරදමුංගු,කරාබුනැටි එක්කර බටර් ගා ගත් ලෑල්ලක තුනී කර කැමති හැඩයට කෑලි කපා ගන්න.

chocolate puff

චොක්ලට් පෆ්

අවශ්‍ය ද්‍රව්‍ය

රස කල උකු කිරි ටින් 1
කැබලි කැපූ කජු ග්‍රෑම් 100
දිය කරන ලද චොකලට් කුඩු මේස හැඳි 2
බටර් ග්‍රෑම් 50
සීනි ග්‍රෑම් 500
වැනිලා තේ හැඳි 1
වතුර අවශ්‍ය පමණ

සාදන ක්‍රමය

අඩිය ඝනකම වූ සාස්පානකට රසකර උකු කිරි,වතුර,සීනි දමා මද ගින්නේ හැඳි ගාන්න.
බටර්,චොකලට් කුඩු,කජු යොදා මිශ්‍රණය පදමට පැසෙන තෙක් හැඳි ගා බටර් තැවරූ දීසියකට වත්කර නිවුණු පසු කැබලි වලට කපා ගන්න.

curd

මී කිරි

කිරි ලීටර් 10
වියළි මැටි හට්ටි

සාදන ක්‍රමය

හොඳින් පෙරාගත් කිරි විනාඩි 15 පමණ නටන තෙක් උණුකරගන්න.මදක් නිවෙන්නට ගැර කිරිවලට මුහුන් වශයෙන් මුදවාපු කිරි හට්ටියක් එකතු කරන්න.

වියළි මැටි හට්ටි වලට කිරි දමා සිසිල් වන්නට හැර පොලිතින් දවටනයකින් හට්ටියේ කට වසා රබර් පටියක් හට්ටියේ ගෙලවටා දමන්න.

parippu wade

පරිප්පු වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය

කඩල පියලි ග්‍රෑම් 250
කුඩු කල මිරිස් තේ හැඳි 1/2
සිහින් කොච්චි හෝ අමු මිරිස් කරල් කිහිපයක්
ලුණු අවශ්‍ය පමණ
පොල්තෙල්

සාදන ක්‍රමය

කඩල පියලි ගරා සෝදා ‍රැයක් පෙ‍ඟෙන්න හැර අඹරා ගන්න
කොටසක් කැබලි සිටින සේ ද ඉතිරිය පිටි වන සේ ද අඹරා ගන්න
ළූණු,මිරිස්,කරපිංචා සිහින්ව කපා ගන්න.තරමක භාජනයක් ගෙන මේ සියල්ල දමා හොඳට මිශ්‍ර කරන්න.පැයක් පමණ වසා තබන්න.
ඉන්පසු ගැඹුරු  තච්චියකට තෙල් දමා ළිප තබා එය රත්වුනු පසු මේවායින් බෝල සාදා මදක් පැතලි කොට රන්වන් පැහැ වන තුරු බැදගන්න.

pol cake or bibikkan

පොල් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි ග්‍රෑම් 250
සීනි ග්‍රෑම් 300
පොල්ගෙඩි 1
කජු ග්‍රෑම් 75
බිත්තර 5
බටර් ග්‍රෑම් 150
කරදමුංගු
බේකිං පවුඩර් තේ හැඳි 1
දෙහි ලෙලි ටිකක්.
දෙහි

හදන හැටි
පිටි බේකිං පව්ඩර් හා ලුණු මිශ්‍රකර ලියාගත් දෙහි ලෙලිද එයට එකතු කරන්න.
බටර් හා සීනි ගසාගන්න.බිත්තරද ගසා ඊට එක්කරන්න.පොල් හීනියට ගා අඹරාගන්න.කජු මද ලියා සියළුම ද්‍රව්‍ය එකට ගසා ගන්න.තැටියට තෙල් කොලයක් දමා පිටි මිශ්‍රනය තැටියට දමා පෝරණුවක පුළුස්සා ගන්න.

පොල්දෝසි pol dosi

පොල්දෝසි
අවශ්‍ය ද්‍රව්‍ය
කපාපු  පොල් කිලෝ 2
සීනි කිලෝ 2
වැනිලා වර්ණකාරක හා බටර් ස්වල්පයක්

සාදන ක්‍රමය
තාච්චියකට පොල් සහ සීනි කළවම් කොට දමා ලිප තබා සීනි වල වතුර සිඳී යන තුරු උණු කරන්න. බටර් තැවරූ බන්දේසියකට ඇළෙන පදමට උණුවූ පසු මිශ්‍රණය ලිපෙන් බාගෙන මිශ්‍රණයෙන් බාගයක් අතුරන්න.
කැමති වර්ණ කාරකයන් යොදා ඉක්මණින් කළවම් කරගත් ඉතිරි භාගය පළමු මිශ්‍රණයට උඩින් තට්‍ටුවක් සේ දමා තුනී කරගන්න.මදක් සවිවූ පසු අඟලේ හත‍රැස් කැබලි වලට කපාගෙන තිමුණු පසුව දවටන වල හෝ පොලිතින් වල ඔතා ගන්න.

ගිතෙල් ghee

ගිතෙල්
අවශ්‍ය ද්‍රව්‍ය
පිරිසිදු එළකිරි අවශ්‍ය පමණ

සාදන ක්‍රමය
හොඳින් පෙරාගත් පිරිසිදු එළකිරි පිරිසිදු ඇලුමිනියම් භාජනයකට වත්කොට සෙන්ටිග්‍රේඩ් අංශක 35ක් දක්වා රත් කරන්න.
වෙනත් ඇලුමිනියම් භාජනයකට මතුපිට පෙණ දමමින් නැගෙන යොදය වෙන්කර දම්න්න.
වෙන්කර කිරි යොදය පැය 5ක් පමන ලිප තබා රත්කර හොඳින් බුබුළු මතුවන තෙක් රත් වූ යොදය දුඹුරු පැහැ ගැන්වීම සඳහා අමු මුරුංගා කොළ කිහිපයක් එක් කර ලීපෙන් බාගන්න.
මිශ්‍රනය පෙරා මදක් සිසිල් වෙන්නට හැර බෝතල් වලට අසුරන්න.කිරියොදය ඉවත්කර ගැනීමට සෙපරේටරක් යොදන්න.

Tomato sauce

අවශ්‍ය ද්‍රව්‍ය

ඉදුණු තක්කාලි 10kg
සීනි 1kg
විනාකිරි ලීටර් 2
ළූණු 100g
මිරිස් කුඩු 55g
අමු ඉඟුරු 55g
සුදු ළූණු 55g

සාදන ක්‍රමය
හොඳින් සෝදා ගත් ඉදුණු තක්කාලි උණුවතුරේ තම්බා,තැම්බුන තක්කාලි භාජනයෙන් පිටතට ගෙන එහි සිවිය සහ ඇට ඉවත් කර ගන්න.
ඉන් පසු තක්කාලි විනාකිරි සමග මල නොබැදෙන සේ වාන්ර්ස් බඳුනකට දමා මෘදු වනතුරු පිස මිශ්‍රණය දැලකින් පෙරා ගන්න.සිහින්ව අඹරාගත් ඉඟුරු සහ සුදුළූණුද,මිරිස්කුඩු,සීනි සහ පෙරාගත් ද්‍රාවණයට එක්කොට ඝන වනතුරු ලිප තබන්න.
ජීවානුහරණය කරගත් බෝතල්වල සෝස් අසුරා සීලරයක් මගින් මූණත තැබිය යුතුය.බෝතල් ජීවානුහරණය නොකරගතහොත් සෝස් ඉතා ඉක්මනින් නරක් වීමට ඉඩ තිබේ.

kALU DODOL

කළු දොදොල්

අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි කිලෝ 4
සීනි 6kg
පොල් තෙල් බෝතල් 1
එන්සාල් කුඩු

සාදන ක්‍රමය

පාන් පිටි සකස් කර ගත යුත්තේ මස්කට් සාදන ආකාරයටයි.
තාච්චියක් ලිපතබා සීනි කරගෙන හොඳින් කර වූ පසු ජලය එක් කොට හැඳිගාමින් ඉතිරි සීනි ද ජලය සමඟ කලවම් කරගන්න.එනසාල් කුඩු හෝ වෙනත් රස කාරකයන්,ඩයි වර්ගද පිටි මිශ්‍රණය හා එක්කොට,සීනි හොඳින් කළවම් වී පදමට ආ පසු තාච්චියට දමා කූරු ගාමින් පැයක් පමණ තබා ඉන් පසුව පොල්තෙල්ද එක් කරන්න.
මිශ්‍රණය ඝබ වූ කඩදාසියකට හෝ පොලිතින් කොළ අතුරා සකස් කළ බන්දේසි ලෑල්ලකට දමා   අතුරා නිවුනු පසුව කෑලි වලට කපා ගන්න.