pol cake or bibikkan

පොල් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි ග්‍රෑම් 250
සීනි ග්‍රෑම් 300
පොල්ගෙඩි 1
කජු ග්‍රෑම් 75
බිත්තර 5
බටර් ග්‍රෑම් 150
කරදමුංගු
බේකිං පවුඩර් තේ හැඳි 1
දෙහි ලෙලි ටිකක්.
දෙහි

හදන හැටි
පිටි බේකිං පව්ඩර් හා ලුණු මිශ්‍රකර ලියාගත් දෙහි ලෙලිද එයට එකතු කරන්න.
බටර් හා සීනි ගසාගන්න.බිත්තරද ගසා ඊට එක්කරන්න.පොල් හීනියට ගා අඹරාගන්න.කජු මද ලියා සියළුම ද්‍රව්‍ය එකට ගසා ගන්න.තැටියට තෙල් කොලයක් දමා පිටි මිශ්‍රනය තැටියට දමා පෝරණුවක පුළුස්සා ගන්න.

පොල්දෝසි pol dosi

පොල්දෝසි
අවශ්‍ය ද්‍රව්‍ය
කපාපු  පොල් කිලෝ 2
සීනි කිලෝ 2
වැනිලා වර්ණකාරක හා බටර් ස්වල්පයක්

සාදන ක්‍රමය
තාච්චියකට පොල් සහ සීනි කළවම් කොට දමා ලිප තබා සීනි වල වතුර සිඳී යන තුරු උණු කරන්න. බටර් තැවරූ බන්දේසියකට ඇළෙන පදමට උණුවූ පසු මිශ්‍රණය ලිපෙන් බාගෙන මිශ්‍රණයෙන් බාගයක් අතුරන්න.
කැමති වර්ණ කාරකයන් යොදා ඉක්මණින් කළවම් කරගත් ඉතිරි භාගය පළමු මිශ්‍රණයට උඩින් තට්‍ටුවක් සේ දමා තුනී කරගන්න.මදක් සවිවූ පසු අඟලේ හත‍රැස් කැබලි වලට කපාගෙන තිමුණු පසුව දවටන වල හෝ පොලිතින් වල ඔතා ගන්න.

ගිතෙල් ghee

ගිතෙල්
අවශ්‍ය ද්‍රව්‍ය
පිරිසිදු එළකිරි අවශ්‍ය පමණ

සාදන ක්‍රමය
හොඳින් පෙරාගත් පිරිසිදු එළකිරි පිරිසිදු ඇලුමිනියම් භාජනයකට වත්කොට සෙන්ටිග්‍රේඩ් අංශක 35ක් දක්වා රත් කරන්න.
වෙනත් ඇලුමිනියම් භාජනයකට මතුපිට පෙණ දමමින් නැගෙන යොදය වෙන්කර දම්න්න.
වෙන්කර කිරි යොදය පැය 5ක් පමන ලිප තබා රත්කර හොඳින් බුබුළු මතුවන තෙක් රත් වූ යොදය දුඹුරු පැහැ ගැන්වීම සඳහා අමු මුරුංගා කොළ කිහිපයක් එක් කර ලීපෙන් බාගන්න.
මිශ්‍රනය පෙරා මදක් සිසිල් වෙන්නට හැර බෝතල් වලට අසුරන්න.කිරියොදය ඉවත්කර ගැනීමට සෙපරේටරක් යොදන්න.

Tomato sauce

අවශ්‍ය ද්‍රව්‍ය

ඉදුණු තක්කාලි 10kg
සීනි 1kg
විනාකිරි ලීටර් 2
ළූණු 100g
මිරිස් කුඩු 55g
අමු ඉඟුරු 55g
සුදු ළූණු 55g

සාදන ක්‍රමය
හොඳින් සෝදා ගත් ඉදුණු තක්කාලි උණුවතුරේ තම්බා,තැම්බුන තක්කාලි භාජනයෙන් පිටතට ගෙන එහි සිවිය සහ ඇට ඉවත් කර ගන්න.
ඉන් පසු තක්කාලි විනාකිරි සමග මල නොබැදෙන සේ වාන්ර්ස් බඳුනකට දමා මෘදු වනතුරු පිස මිශ්‍රණය දැලකින් පෙරා ගන්න.සිහින්ව අඹරාගත් ඉඟුරු සහ සුදුළූණුද,මිරිස්කුඩු,සීනි සහ පෙරාගත් ද්‍රාවණයට එක්කොට ඝන වනතුරු ලිප තබන්න.
ජීවානුහරණය කරගත් බෝතල්වල සෝස් අසුරා සීලරයක් මගින් මූණත තැබිය යුතුය.බෝතල් ජීවානුහරණය නොකරගතහොත් සෝස් ඉතා ඉක්මනින් නරක් වීමට ඉඩ තිබේ.

kALU DODOL

කළු දොදොල්

අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි කිලෝ 4
සීනි 6kg
පොල් තෙල් බෝතල් 1
එන්සාල් කුඩු

සාදන ක්‍රමය

පාන් පිටි සකස් කර ගත යුත්තේ මස්කට් සාදන ආකාරයටයි.
තාච්චියක් ලිපතබා සීනි කරගෙන හොඳින් කර වූ පසු ජලය එක් කොට හැඳිගාමින් ඉතිරි සීනි ද ජලය සමඟ කලවම් කරගන්න.එනසාල් කුඩු හෝ වෙනත් රස කාරකයන්,ඩයි වර්ගද පිටි මිශ්‍රණය හා එක්කොට,සීනි හොඳින් කළවම් වී පදමට ආ පසු තාච්චියට දමා කූරු ගාමින් පැයක් පමණ තබා ඉන් පසුව පොල්තෙල්ද එක් කරන්න.
මිශ්‍රණය ඝබ වූ කඩදාසියකට හෝ පොලිතින් කොළ අතුරා සකස් කළ බන්දේසි ලෑල්ලකට දමා   අතුරා නිවුනු පසුව කෑලි වලට කපා ගන්න.

බුල්ටෝ bulto

බුල්ටෝ

අවශ්‍ය ද්‍රව්‍ය
සීනි 500g
ලොකු පොල් ගෙඩි 1
පොල් වතුර

සාදන ක්‍රමය

පොල්වතුරින් සිහින්ව ගා ගත් පොල් මිරිකා ගන්න.පොල් වතුර සීනි දමා භාජනයක රන් පැහැ වෙනතුරු ලිප තබා උණුකර සීනි රන්පැහැවී කැරමල් තත්වයට එනවිට පොල්කිරි එකතු කරන්න.
පදම් වන තුරු උණුකරගත් එම මිශ්‍රණය ලිපෙන් බා මේසයක් මත සකස් කර ඇති තහඩු තැටියක අතුරා නිවුණු පසු අවශ්‍ය ප්‍රමාණයට රෝල් කර කැබලි වෙන් කර තෙල් කඩදාසි වලට අතුරන්න.

බිස්කට් කුඩු buiscut powder

බිස්කට් කුඩු

අවශ්‍ය ද්‍රව්‍ය

දිනක් පරණ වූ පාන් හා බනිස්

සාදන ක්‍රමය

දිනක් පරණ වූ පාන් සහ බනිස් ගෙන එය පෝරණුවක හෝ තච්චියක දමා හොඳින් කර කරගන්න.රන්වන් පාට වන තෙක් කරවූ පසුව වංගෙඩියක දමා හොඳින් කුඩු කරගන්න.

පොරි මිශ්‍ර කජු popcorn mixed cashew toffee

පොරි මිශ්‍ර කජු

අවශ්‍ය ද්‍රව්‍ය

තිරිඟු පොරි කිලෝ 1
සීනි ග්‍රෑම් 500
හකුරු ග්‍රෑම් 250
කලරීන් ස්වල්පයක්,රට කජු ඇට 100ක් පමණ

සාදන ක්‍රමය

තාච්චියක් ලිපතබා ජලය හා සීනි මිශ්‍ර කොට පදමට එනතුරු හැඳි ගාන්න.එයට පොරි කළවම් කරන්න.හකුරු කුඩා කැබලි වලට කඩා රටකජුද සමඟ මිශ්‍රණයකට එක් කොට ඊට අවශ්‍ය වර්ණක යොදා අච්චුවකට දමා හැඩය ගන්න.ඉන්පසු පොලිතින් ආවරණයක බහාලන්න.

potato toffee

අල ටොෆි

අවශ්‍ය

අල ග්‍රෑම් 500
සීනි ග්‍රෑම් 250
කරදමුංගු තේහැදි 1/2
පොල් කිරි කොප්ප 1/2

ක්‍රමය

අල තම්බා පොතු හැර ගෑරුප්පුවකින් පොඩි කර ගන්න.
සාස්පානක් ලිපතබා ඊටසීනි තබා පැණි වේගෙන එන විට පොල්කිරි හා කරදමුංගු මිශ්‍ර කරන්න.
දැන් අලද එකතු කර හොදින් හැදි ගන්න.මිශ්‍රණය හැන්දේ ඇලෙන ගානට ආ විට ලෑල්ලක ඝනකමට අතුරා කැබලි කපාගන්න.

boiled vegitable


තැම්බූ එලවළු

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් බෝංචි 100g
ගෝවා 100g
අල 200g
කැරට් අල 4යි
බීට් රූට් ගෙඩි 2
ගම්මිරිස් ඇට 8
ලුණු
ජලය

සාදන ක්‍රමය

බෝංචි රේණු හැර ගන්න.ගෝවා වෙන්කරගන්න
අල ,බීට් රූට්  සහ කැරට් සුද්ද කර කැබලි හෝ  පෙති ගසා ගන්න.එළවළු සියල්ල ජලයක දමා යන්තම් වැසෙන වතුර දමා ඊට ලුණු හා ගම්මිරිස් මිශ්‍රකර හොඳින් තම්බා ගන්න.