liver soup පීකුදු සුප්
අවශ්‍ය ද්‍රව්‍ය
ඒකකය ග්‍රෑම්
කැබලි කපාගත් පීකුදු 200
කැබලි කපාගත් බොම්බයි ලූනු 100
තීරු කපාගත් කැරට් 100
ගම්මිරිස් තේ හැදි1
රම්පෙ
කරපිංචා
ලුණු
දෙහි
වතුර ලීටර් 1/2
මිටිකිරි කෝප්ප 1
සාදන ක්‍රමය
සියලුම ද්‍රව්‍යඑකට සාස්පානකට දමා පීකුදු හොදින් තැම්බෙන තුරු මද ගින්නේ පිසගන්න.
වතුර තරමක් සිදුන පසු මිටිකිරි කෝප්පය එකතු කර තවත් මිනිත්තු කිහිපයක් පිසගන්න
Posted by Sri Maal Samaraweera
කෙසෙල් මිශ්‍ර hakuru kiribath
අවශ්‍ය ද්‍රව්‍ය මිනුම් ඒකකය ග්‍රෑම්
කැකුළු හාල් 500
මිටි කිරි කෝප්ප 2
හකුරු 200
ලුණු අවශ්‍ය පමණ
ඉදුණු කෙසෙල් ගෙඩි 6 ක්
ක්‍රමය
හාල් ගරා ලිප තබන්න.තැම්බීගෙන එන විට ලුණු එකතු කරන්න.ඊටම මිටි ඉරි හා හකුරු ද එකතු කරන්න.ළිපෙන් බාගෙන කුඩා කෝප්ප වලට දමා ඒවා කෙසෙල් කොළයක මුනින් නමා කිරිබත් කෝප්ප පිළියෙල කරගන්න කෝප්ප මුදුනේ පෙති ගැසූ කෙසෙල් ගෙඩි ව්ලින් සරසා ගන්න
Posted by Sri Maal Samaraweera
Apple slipers
ද්‍රව්‍ය
පෆ් ප්‍රේස්ටි
ෆ්ලේකි පේස්ට්‍රි
දැනිෂ් පේස්ට්‍රි
කස්ටර්ඩ්
ජෑම්
ඇපල් පෙති
ක්‍රමය
අවශ්‍ය ආකාරයට පෆ් පේස්ට්‍රිය සාදා එය දිගටි තීරු වශයෙන් කපාගන්න
පේස්ට්‍රි තීරු මත බිත්තර සාරු හවරා උදුනක තබා බේක් කරන්න.
ඉන්පසු එහි ජෑම් සහ කස්ටඩ් තවරා කැමති ආකාරයට ඇපල් පෙති තබාගන්න.
කැමතිනම් ස්ටූ කරගත් ඇපල් පෙති මේ සමග එක්කර ගත හැකිය.
Posted by Sri Maal Samaraweera
Minchi sambol sri lanka
ද්‍රව්‍ය
මිංචි කොළ දෙමිටක්,රතු ලූනු ගෙඩි 10
පොල් අඩලයක්
අමුමිරිස් කරල් 2
සුදු ලූනුු බික් 2
ගම්මිරිස්
ලුණු
දෙහි යුෂ
සීනි හැදි1/2
ක්‍රමය
ලුණු
දෙහි
සීනි හැර අනෙකුත් සියලුම ද්‍රව්‍ය ගලේ දමා අබරාගන්න.ඉන්පසු ලුණු හා දෙහි යුෂ ද සීනි තේ හැදි 1/2 ක් ද එක් කර ගන්න
Posted by Sri Maal Samaraweera
මිශ්‍ර සලාදය vegetable salad
ද්‍රව්‍ය
බීට් 100g
කැරට් 100g
සුදු ලූනු බික් කිහිපයක්
විනාකිරි ස්වල්පයක්
අමු ඉගුරු කැබැල්ලක්
ලුණු ස්වල්පයක්
සීනි තේ හැදි1
ක්‍රමය
පොතුහැර සෝදාගත් කැරට් හා බීට් සිහින්ව කපාගන්න.
සුදු ලූනු හා ඉගුරු කැබැල්ලද සිහින්ව කපා එයට දමන්න.ලුණු,විනාකිරි හා සීනි ද අවශ්‍ය පරිදි එක් කරන්න.
Posted by Sri Maal Samaraweera
Amond icing හදන අයුරු
ද්‍රව්‍ය
සිහින්ව ඇබරූ කජු ග්‍රෑම්100
අයිසිං සීනි 100g
බිත්තර සුදු මද 1
ආමන්ඩ් එසන්ස් තේ හැදි 1
වැනිලා තේහැදි 1
රෝස එසන්ස් තේ හැදි 1/2
බ්‍රැන්ඩි තේ හැදි 2
ක්‍රමය
අබරාගත් කජුවලට අයිසිං සීනී එකතු කර අරක්කු හා බිත්තර ටිකටික එක් කර අතේ නොඇලෙන පදමට අනාගන්න.පසුව ආමන්ඩ් එසන්ස්,රෝස එසන්ස් හා වැනිලා එක් කරන්න.
Posted by Sri Maal Samaraweera
බිත්තර කස්ටඩ් පුඩිං egg pudding
ද්‍රව්‍ය
බිත්තර 2
පිටි තේ හැදි 3
කිරි ලීටර් 200
වැනිලා තේ හැදි 1/2
බටර්
ක්‍රමය
බිත්තර පිටි සීනි ගසා ගන්න.කිරි සහ වැනිලාඑකතු කරන්න.හොදින් කලවම් කරන්න.බටර් තැවරූ පයිරෙක්ස් දීසියකට දමන්න.තෙල් කඩදාසියකින් වසන්න.පුඩිම සවිවන තුරු මිනිත් 20-25 ක් පමණ හුමාලයෙන් තම්බා ගන්න.
Posted by Sri Maal Samaraweera
Copyright © FOODS. All rights reserved.
Blogger template created by Templates Block in collaboration with Blog and Web
Wordpress theme by N.Design Studio
Columnized by MangoOrange and supported by Web Hosting Geeks


